Tuesday, December 8, 2015

ලංකාවේ පිරමීඩ කෙළිය

කම්මැලිකම පැත්තකින් තියල මොනව හරි මෙව්ව එකක් ලියන්න කියල හිතල තමයි ඕන් මං මේක ලියන්නෙ....(මේ මගේ පළවෙනි එක)

මොකක්ද ලියන්නෙ කියල කල්පනා කරද්දි මගේ ඔලුවට ආවෙ දැන් අපේ පුංචි දූපතේ පැතිරිලා යන වසංගත රෝගයක්..රෝගයක් ඒක වසූරිය වගේ දෙයක් නෙමෙයි අමුතු රෝගයක්..මේකෙ නම් "පිරමීඩ සෙල්ලම" ඊජිප්තුවෙ පිරමීඩ නෙමෙයි වෙන පිරමීඩ ජාතියක්.ඉතින් අහම්බෙකින් හරි මේක දැකල කියවන කෙනෙක් අහයි "අනේ උඹේ වසංගතේ අපි අහලවත් නෑනෙ" කියල.ඒකත් ඇත්ත ඔයාල ඒ වචනෙ අහල නෑ මන් තව වචනයක් කියන්නම් ඒක අහල තියෙනවද බලන්න,ඒ තමා "නෙට්වර්ක් මාර්කටින්" එහෙමත් නැත්තම් "ජාලගත අලෙවිකරණය" .මොකක්ද මේ අලෙවික්කරණය - ඒ කියන්නෙ මොකක් හරි විකිණීම.එතකොට ජාලගත කියන්නෙ මොකක් හරි ජාලයක් හදන් ඒ අලෙවිකරණය සිදුකිරීම.සරලවම කියනව නම් ඔයාලගෙ ගෙදරට එනවනෙ ඔය ටයි එහෙම දාගෙන බඩු විකුණන්න කොල්ලො,ඒ අයත් කරන්නෙ එහෙම වැඩක්...ඒ නිෂ්පාදනයේ ජාලය තමා ඒ,ඒ ගේන නිෂ්පාදන ඔයා මීට කලින් "වෙළද දැන්වීමකින්" දැකපු එකක්වත් කඩේ විකුණන්න තියෙන එකක් වත් නෙමෙයිනෙ....ඒක සම්ප්‍රදායික වෙළදාමට ටිකක් වෙනස් විදියක්...හරි අපි කතාවට බහිමුකො.
..........
මම මේ කියන එක දන් නැත්තම් වැඩි  දවසක් යන්න කලින් ඔයාට මේ අත්දැකීමට මුහුණ දෙන්න වේවි,ඔන්න මම අංජනම් බලනව වගේ ඔයාට අනාගත වැකියක් කියන්න යන්නෙ...
......
ඔයා නිදහසේ ඉන්න වෙලාවක ඔයාට ඔයාගෙ හොදම යාළුවෙක්ගෙන් හරි වෙන සමීප කෙනෙක්ගෙන් හරි කෝල් එකක් ඒවි,ඊට පස්සෙ ඒ කතාකරන කෙනා ඔයාට කියන දෙවල් පහත පරිදි වේවි.
..................................................
ඔයා :- හෙලෝ
එයා :- මචන් වැඩකද ඉන්නෙ?
ඔයා :- නෑ බන්,කියහන් මොකක්ද වෙන්නෝන?
එයා :-මචන් මට ලොකු වැඩක් (පොඩි වැඩක් කියල කොයිම වෙලාවකවත් කියන් නෑ ) සෙට් උනා,උඹ මගේ ෆිට් එක නිසා උඹවත් සෙට් කරගන්නෝන..උඹට පුළුවන්ද ............තැනට එන්න. (මේ කතාව ඔයාට ආදරෙන් කියන එකක් කියල ඔයාට හැගෙන්න තව වචන එකතු කරාවි )
ඔයා :-ඉතින් මොකක්ද වැඩේ දැන් කියහන්කො..(ඔබ මෙවැනි ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඇසුවත් උත්තරය වන්නේ හම්බෙලාම කතාකරමු යන්නයි )
...................................
ඉතින් මෙහෙම ඔයා කැමති උනොත් ඔයාව එයා එක්කන් යයි අදාල තැනට,නැත්තම් ඔයා අකමැත්තෙන් හරි කැමතිවෙනකම් වාත වේවි..
.........

***මේක නියම සිරා වැඩක් නම් මෙච්චර වාත වෙන්නෙ මොකටද?හොරු වගේ හැංගිල කරන්නෙ මොකද?

.........
ඔයා අදාල තැනට ගියා කියමුකො,එතනදි ඔයාට හම්බෙන්නෙ වෛද්‍යවරු,ගොඩක්ම කැම්පස් ළමයි එහෙම...එතනට ඔයා වගේම තව 20ක් විතර අලුත් අය ඇවිත් ඉදියි....
එතෙන්ට එනව සුපිරියට ඇදගෙන හොදට ට්‍රේනින් වෙච්ච පොරක්,මනුස්සය ඔයාලගෙ "බ්‍රේන් වොෂ්" කරන්න දන්න උපරිම වැඩකෑලි ටික දානවා..ඔහු, මම පහතින් කියන කරුණු ගැන ඔයාගෙ හදවතට කතාකරනව..
1.දුප්පත්ව ඉදල මහා කෝටිපතියො උන මිනිස්සු ගැන.
2.එයාගෙ උසස් වෘත්තිය අත ඇරල මේක තෝරගන්න හේතුව.
3.දෙමාපියන්ට සැළකීම ගන
වගේ කතන්දර බොහොම ලස්සනට කියල,වීඩියෝ දෙකක් විතරත් පෙන්නාවි.....
.............

දැන් තමා හොදම ටික,

ඒ කිවුවෙ මේ ව්‍යාපාරෙ ගැන ඔබේ ඇස් උඩයන ආකාරයේ පැහැදිලි කිරීම..
ව්‍යාපාරයේ නීත්යානුකූලබාවය ගැන ඉදන් සමාගම සිරා සමාගමක්ය කියන්න ඔක්කෝම කියල,අන්තිමේට මේක කරන විදිය පහදනවා.....මෙන්න මෙහෙම,
"ඔයාලට දියුණු වෙන්නෝන නම් පොඩි දෙයයි කරන්න තියෙන්නෙ,ඒ තමයි 63000ක් දීල අපේ නිෂ්පාදන මිළදී ගන්න එක....ඊට පස්සෙ ඔයාගෙ යාළුවො දෙන්නෙක්ට මේ නිෂ්පාදනය විකුණුවම හරි..එච්චරයි කරන්න තියෙන්නෙ,මේ විදියට අවුරුද්දක් විතර යද්දි මහන්සි නොවීම ධනවතෙක් වෙන්න පුළුවන් " ය කියන කතන්දරේ කියනව....
එහෙම ධනවතෙක් වෙන විදිය එයා ඇදල පෙන්නනව...ඒකට යන 20න් 6ක් වත් මේක ට අහුවෙනව,...
.............

මම මේකට "අහුවෙනවා" කියන්නේ ඇයි?මොකක්ද මේ කොටි වළිගය?


 මේ ව්‍යාපරයට සහභාගි වෙන පළමු කෙනා ඔයා නෙමෙයි,ඔයා නොදන්න කෙනෙක්..එයා මුළින්ම වැඩේට බහිනවා,එයා මේ වෙනකොට තම්න්ගෙ මුදළ වගේ 1000ගුණයක් හොයල  ඇති..එයාගෙන් පස්සෙ තව දෙන්නෙක් එකතු වෙනව,දෙන්නෙක් එකතු උනාම පළමු කෙනාට රු.2000ක් බගින් 4000ක් හම්බෙනව.
ඔයාට 4000ක් හම්බෙද්දි මේකෙ උඩ අය කීයක් හොයල ඇත්ද?
63000න් 13000න් වැඩකට නැති නිෂ්පාදනයට අයින් කරාම ඉතුරු මුදල 50000ක්..ඔයාට 4000ක් ලැබෙද්දි සමාගම 5000*3=150000ක් හොයලත් ඉවරයි.
ඊළග අදියරේදි ඔයාගෙ යටින් කට්ටිය සෙට් වෙනකොට එක්කෙනාට 13500 ගාණෙ දෙනව...මේ රූපය බලන්න..මේ වෙද්දි ඔක්කොම 6දෙනෙක් ඔයාට යටින් සෙට් වෙලා..සමාගමට 50000*7=350000යි,ගෙවල තියෙන්නෙ (13500*4+2000+2000) + 2000*2+2000*2 = 66000 යි..ඔන්න ඔහොම තමා වැඩේ වෙන්නෙ.....



දැන් කට්ටියට තර්ක කරන්න පුළුවන් මේක පුණ්‍ය ආයතනයක් නෙමෙයි,ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරයක් ය කියල...
ඒකත් හරි කියමුකො...
...
දැන් අපි බලමු මේක ප්‍රායෝගිකද කියල....
...
අපිම මේ පිරමීඩෙ ඇදල බලමුකො..
මේකෙ ඒක් අදියරට ඕන මිනිස්සු ගාණ මන් දහවෙනි අදියරේ ඉදල පහතින් දක්වන්නම්කො..
10 වන අදියර = මිනිස්සු 512
11,12,13,14
15 වන අදියර = මිනිස්සු 16384
16,17,18,19
20 වන අදියර = මිනිස්සු 524288
21,22,23,24
25 වන අදියර = මිනිස්සු 16777216
26,27,28,29
30 වන අදියර = බිලියන 5.36
31 වන අදියර = බිලියන 10.7
................

කොහොමද  වැඩේ  ලෝක ජනගහනය බිලියන 10.4ක් විතරනෙ...31වන පිරවරේදිම ලෝක ජනගහනය ඉක්මවා යනවා...

මේක දකින ඔයා 25වෙනි පියවරේ දි මේකට සෙට් වෙන කෙනෙක් උනොත්,ඔයා කොහෙන්ද නිෂ්පාදනය විකුණල සල්ලි හොයන්නෙ....
30 වෙනි පියවරේදි මේකට සම්බන්ධ වෙන බිලියන 5.4 ම අනාථ වෙනව.......
තේරුනාද බරපතලකම...
කොයිම මොහොතක හරි මේකට සම්බන්ධ වෙන පලළම ස්ථරයෙ ඉන්න ලංකාවෙ ලක්ෂ 10කට විතර එකපාර තමන් වියදම් කරන 63000 හොයාගන්න වෙන් නැහැ.
.........
තේරුණා නේද බරපතලකම...
මේ සමාගම "ග්ලෝබල් ලයිෆ් ස්ටයිල්"

මේකට සරසවි ශිෂ්‍යයොන්ගෙ ඉදන් හිගන්න වෙනකම් අහුවෙලා ඉන්නෙ,ඔයාල බේරෙන්න මේකෙන්.. "කම්මැලියට" ඒ හොදටෝම ඇති...
..........
තවත් ලිපියකින් හමුවෙමු !  

24 comments:

  1. නෙට්වර්ක් මාකටින් වල සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට බඩු විකුණන කතාව ඇත්ත උනත් ඒ සම්බන්ධව ඔය පෙන්නන ගණන් හැදිල්ල නම් වැරදියි. තමන් කවමදාකවත් මෙව්වට අහු වෙන්නේ නෑ කියල තමන්ට ෂුවර් නම් නෙට්වර්ක් මාකටින් කම්පැනි වලින් කරන ලෙක්චර් එකක් අහලම ඇවිත් නිවැරදි ගණන් හැදිල්ල දාන්න.

    ඔය පෙන්නලා තියෙන ගණන් හැදිල්ල නම් පිරමිඩ්ම තමා ඒත් නෙට්වර්ක් මාකටින් කියන එක නම් මේ කියනවට වඩා වෙනස්. මොකද ඒවායින් මේ කියන ස්පීඩ් එකට නම් සල්ලි හොයන්න බෑ

    ReplyDelete
    Replies
    1. network marketing kiyala mehe karanne pyramid wage ekakma thamai.

      Delete
    2. Meka gena ona kenekta adahas dakwanna puluwa.namuth lankawe nithiya kriyathmaka wenne police harahai...oya oya mathe inna.theruna dawasaka patan ganna....network gena danne nethi aya lankawe inne oya witharak newei...oya sathutuwenna agena..sorry machooo...ubagena godak dukai....udaw onynam call 1denna 0712020115

      Delete
    3. Meka gena ona kenekta adahas dakwanna puluwa.namuth lankawe nithiya kriyathmaka wenne police harahai...oya oya mathe inna.theruna dawasaka patan ganna....network gena danne nethi aya lankawe inne oya witharak newei...oya sathutuwenna agena..sorry machooo...ubagena godak dukai....udaw onynam call 1denna 0712020115

      Delete
    4. http://www.elakiri.lk/forum/showthread.php?s=36ca753bd594d75196ede6f2f6ba91d3&t=1709066

      Delete
    5. මේ තියෙන්නෙ ග්ලෝබල් එකේ කතන්දරේ....බෙස්ට් ලයිෆ් එක ගැන නෙමෙයි.

      Delete
    6. ගණන් හැදිල්ල අන්තිම වැරදියි නෙට් වර්ක් මාර්කටින් කියන්නෙ ඔය කතන්දරේ නෙමෙයි ඒ ගැන විද්ලිවතුන් අතින් ලියවුනු පොත් හොදට පරිශීලනය කරල බලන්න

      Delete
  2. Me pyramid gena nloku deyak nodana hitya nisa mata nam me article eka proyojanai , thanks , thawa liyanna :)

    ReplyDelete
  3. Welcome to the blogs.. Read other blogs you will experience it. Keep blogging. Cheers

    ReplyDelete
  4. බ්ලොගර් ෆොලොවර් අයිටම් එක එල්ලාපන් සහෝ..දිගටම ලියපන්

    ReplyDelete
  5. May artical liyapu ekkena puluwannam
    Please eyage real details dennako
    Mata oyawa hamuwenna ona....

    Mage name Muhammadh
    078-9045959

    ReplyDelete
    Replies
    1. ටෙහෙරාන් ට ඉන්බොක්ස් කරන්න

      Delete
  6. Network marketing kiyanea malli mulu lokayak piligath arthika salasmak it is resoectble economic plane ekkak ma artical ekka liyapu malli kochar durata studies karala thiyenawada kiyala baladi phadili asanam igenaganna plz call me 0777402953 obage uthsaya hondaii abai kapi penena peni kapenawa thanks

    ReplyDelete
    Replies
    1. Network Marketing Wala Waradak Na bro Eka Lokayema Ratawal Wala Thiyanawa.Network Marketing Waladi Samajikayanta Profit Labenne Advertisment Walata ehema yana salli walin Eka Arthikayata Prasnayak Na Minissunta Prasnayakuth Na.
      Eth Lankawe Global Life Style Eka karanne Network Marketing Muwawen Pyramid System Eka.

      Delete
  7. Network marketing kiyanea malli mulu lokayak piligath arthika salasmak it is resoectble economic plane ekkak ma artical ekka liyapu malli kochar durata studies karala thiyenawada kiyala baladi phadili asanam igenaganna plz call me 0777402953 obage uthsaya hondaii abai kapi penena peni kapenawa thanks

    ReplyDelete
  8. Supiri Mchn Supiriyatama liyala pahadili karala thiyanawa.mekata gogak aya ahu wela anatha wela innawa.eth e samahara aya meka piramid kiyala thama piligan na.mokada e tharamatama eyalage oluwa brain wash karala thiyenne.mage hodama yaluwath okata ahu una.2 lux withara nathi karagena dan eka atha arala innawa.eth thamath eyala me api kiyana kathawa therum gan na.Minisssu godak meken salli nathi karagena thiyanawa.sulu pirisakata e ayage salli bedila yanawa.

    Monawa unath me ayage motivation Program eka nam supiri.mara widiyata manasa anith paththata hadanne.
    globallifestyle,Bestlife,Tianse, oya serama piramid thamai..

    ReplyDelete
  9. Network Marketing(MLM) Nithi Wirodi na.Eka Lokayama Pili gannawa.Eth meyala Karanne Network Marketing Muwawen Piramid System Ekak.GLL Eke ru 5000k watina Bulb set ekakata 63000k gewala ekata badenna one.Bandayak wikunanna dala thiyenne Pyramid Nemei Kiyala janathawa mula karanna..

    ReplyDelete
  10. "Networking Marketing" කියන්නෙ පිළිගත්ත ක්‍රමවේදයක්.නමුත් ලංකාව ඇතුලෙ වෙන හැම නෙට්වර්ක් ගණුදෙනුවක්ම වගේ වෙන්න කළු කඩ ක්‍රමයකට.පවතින වටිනාකමට වඩා හය හත් ගුණයක් වැඩිපුර ගෙවන්න වෙනව ගන්න බඩු වලට.අනික ඕකට බැඳෙන්නේ භාණ්ඩ අවශ්‍යතාවයකට නෙවෙයි සල්ලි හොයන්න විතරයි.කිසි වෙනසක් නෑ පිරමිඩ සීන් එකම තමා.නීත්‍යානුකුල වෙන්න ලංකාවේ සුලබ නැති භාණ්ඩයක් දෙනවා ගන්න සල්ලිවලට හිලව්වෙන්න .හැබැයි මේ ලියල තියන විදියට නම් නෙවේ මේකෙන් මුදල් ලැබෙන්නෙ.ඒක බැඳෙන සාමාජිකයන් ගෙවන මුදලට අනුව එකතුවෙන "points" මත දෙපැත්ත බැලන්ස් කරල ගහන්න ඕන ගේමක්.

    ReplyDelete
  11. Oya mathe weradi network marketing gena... thora ganna ayathanaya pilibada selakilimath wenna ona... hariyata denuma aran karanna ona wedak.. meka karoth goda.. aka aka ona tharam dewal karai kiyayi ath duppatha pohosathek karana akama maga.....

    ReplyDelete
  12. තමුන් දියුණු වෙන්නෙත් නැති අනුන්ට දියුණුවෙන්න දෙන්නෙත් නැති මිනිස්සු.... පිරමිඩ් ගැන් කතා කරනවා.....

    ReplyDelete