Monday, August 22, 2016

"මම කැමතියි මේ භික්ෂූන් වහන්සේ ට "



Photo by - Darshana Wimukthi


මම මේ භික්ෂුව ගැන මොකුත්ම දන්නෙ නැතත්,
නිකන් හිතන්න පුළුවන් දේවල් කීපයක් නිසා තමයි කැමති...
ඒ තමා,

1.මේ භික්ෂුව පුංචි කාලෙ බලෙන් මහණ කරපු කෙනෙක් නෙමෙයි.
2.මේ භික්ෂුව කෙළිලොල් තරුණ කාලයක් ගත කරපු කෙනෙක් ( වැරදි වෙන්නත් පුළුවන් )

*ඒවා එහෙම නම් මේ භික්ෂුව අවබෝධයෙන් මහණ උන කෙනෙක්.

3.මේ භික්ෂුව ලංකාවෙ නම් අනිවාර්යෙන්ම "හොදින් අපහාස උපහාස විඳ දරාගන්න පුළුවන් කමක් තියෙන භික්ෂුවක්" (මහණ දම් පුරද්දි අපේ සාමාන්‍ය සමාජයට පච්චය බලපාන විදිය ගැන හිතලා කීවෙ )



Wednesday, August 17, 2016

කණට මිහිරි කතා දෙකක්


හුග කාලෙකින් තමා ලියන්නෙ,මේ දවස්වල ඇහෙන "පාරම්පරික මිනිස්සු ජාතියකගේ" ඇඩියාව නිසා ඇතිවෙච්ච ප්‍රීතිය වැඩිකමට තමා මේක ලියන්න හිතුනෙ.
මෙහෙමයි කතාව ,
සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපේ කණ් වලට් කාලෙකින් මිහිරි කතන්දර දෙකක් ඇහෙනවා. 
මේ "කතා දෙක" මට වගේම සමාජජාලා එක්ක ගණුදෙනු කරන  අනිත් අයටත් ලංකාවෙ ජීවත් වෙන ඕනම කෙනෙක්ට ත් ඇහෙන "කතා දෙකක්".
මේ කියන "කතා දෙක" මොකක්ද?
ඒ තමයි,

1) "මේ ආණ්ඩුව පිහිටුවලා ‪#‎පාරම්පරික_එජාප_පාක්ෂිකයට‬ වෙච්ච කිසි වාසියක් නැහැ.වෙනදා දින්නාම සතුටු වෙන එජාප පාක්ෂිකයට ඒ සතුට මේ පාර නෑ,අවුරුදු ගාණක් විපක්ෂෙ ඉදල කටු කාපු එජාප පාක්ෂිකයට සළකනවා මදි" .

2) "ශ්‍රිලනිප ජනාධිපති කෙනෙක් ඉදලත් පාරම්පරික ශ්‍රීලංකා කාරයෝ යූඑන්පී යට පාවල දුන්නා,ශ්‍රීලංකා කාරයොන්ට මොනවද කරේ? කිසිම දෙයක් කරේ නෑ. "

........
^ පක්ෂ වලට ගැති වී සිටින්නන් ජන්දය පාවිච්චි කරන්නේ, තමන් සහයෝගය දැක්වූ පක්ෂය බලයට පත්වූ පසු තමන්ට විශේෂයෙන් සළකයි කියාය....මෙය ලාංකිකයන් පුරුදු වී ඇති ඉතාමත් නරක දෙයකි.
 ‪#‎පාරම්පරික_පාක්ෂිකයන්‬ යන වචනයේ තේරුම ම අපුල දනවන්නකි,
එනම් එහි සරල අදහස 
"තම පක්ෂයෙන් බලයට පත්වෙන්නන් කෙසේ හැසිරුණද, තමා වටිනා චන්දය මැරෙනකම් ම දෙන්නේ ඔවුන්ට ම" බව ය.

මෙසේ පාරම්පරික චන්ද දායකයන් සිටීම පක්ෂයකට හොදය,නමුත් ලංකාවෙ මිනිසුන්ට නරක ය.
ඉතින් මේ ආණ්ඩුවෙන් ඔවුන්ගේ පාරම්පරික කම බලා සැලකුම් නොකරන්නේ නම් එය පක්ෂ වල පැවැත්මට අයහපත් දෙයක් වූවත් පොදු මිනිසුන්ට සතුටු විය හැකි කාරණාවකි.





ප.ලි- 

1)මෙය ලංකාවේ සාමාන්‍ය මිනිසා චන්දය දෙන ආකාරය ගැන ලියා ඇති අතර, "සමාජවාදය/ධනවාදය" වැනි මොඩලයන් ගැන සිතා ජන්දය දෙන අයවලුන් ගැන අදහසක් දක්වා නැත. ( ලංකාවෙ එහෙම ඒවා හරියට නැති නිසා ) .

2) "පාරම්පරික පාක්ෂිකයා" මෙසේ කෙදිරි ගෑවත්,"පාක්ෂිකන්ට" විශේෂයෙන් සැළකීම සාපේක්ෂව අඩු වූවත්,ඇමතිලා ලගින්ම සිටින අයවලුන්ට හිතුමතේ තනතුරු ප්‍රධානය කිරීමේ වැරැද්ද මේ ආණ්ඩුවෙන් ද අපුලකින් තොරව සිදුකර ඇත . ( කිරිඇල්ලගේ පත්වීම් ) .

3) ඔබත් පක්ෂයකට චන්දය දෙන්නේ, ඔබට විශේෂ "පෞද්ගලික වරප්‍රසාද" ලබාගැනීමේ අදහසින් නම්....ඔබ වැනි අය වඳවෙන තුරු මේ රට කිසිදිනක මේ තත්වයෙන් ඉහළට නොයනු ඇත.