Friday, December 18, 2015

මොකක්ද මේ සිංහ ලේ ?




ඔන්න ඉතින් ඉදල ඉදල කම්මැලිකම යවාගන්නත් එක්ක මම බුකියට පොඩ්ඩක් ගොඩ උනා...ටිකක් බුකියෙ සැරිසරද්දි හැමතැනම ලස්සන ෆොටෝ එකක් තියෙනව මේන්...
සිංහ ලේ කියල ටැග් එකක් ජාතික කොඩියෙ ඉන්න සිංහයා වගේම සිංහයෙකුත් එක්ක...ෆොන්ට් එක කලර් මැචින් නියමෙටම කරල තිබ්බා.....
මට ඔය ටැග් එක මීට කලින් මතක නිසා පොඩ්ඩක් හොයල බැලුවම මේක සිංහල ලේකක සංගමේක ලෝගෝ එකක් කියල කවුදෝ දාල තිබ්බා...
.....
මේ ෆොටෝ එක නිමිත්ත කරගෙන විවිධ ආකාරයේ පෝස්ට් දාල තිබ්බා ,
ඒ තමයි..

*සමහරු මේ ෆොටෝ එක සහ ඒකට විවිධ අර්ථකතන  දීල තිබ්බා.
*සමහරු මේක තදින් විවේචනය කරල තිබ්බා.
*සමහරු දේශපාලන වාසියක් ගන්න උත්සහ කරල තිබ්බා.
*තවත් සමහරු මේක දාන්නෙත් නැතිව විවේචනය කරන්නෙත් නැතිව තමන්ගෙ පාඩුවෙ ඉන්නව දැක්කා..
*තවත් අය ලේ වර්ග ටික,ලේ සම්බන්ධ තව වචන දාගෙන පෝස්ට් හදල තියෙනව දැක්කා.

මම කම්මැලිය උනාට ඉතින් මොකක් හරි කුතුහලය අවුස්සන දෙයක් දැක්කම මට ඒකෙ අගක් මුලක් හොයාගන්නකම නින්ද යන්නෙම නෑ....ඔන්න ඉතින් කම්මැලිය වැඩේට බැස්ස ,

මට හොයන්න ප්‍රධාන කාරණා කීපයක් තිබ්බා ඒ තමා..

1.ඇයි මේ පෝස්ට් එක එකපාරටම පැතිරිලා ගියේ ?
2.විවේචකයන්ගෙ විවේචන සාධාරණද ?
3.මොකක්ද මේ ෆොටෝ එකෙන් දෙන අදහස ?

 කියන කාරණා තුන තමයි මූලිකවම මට හොයාගන්න ඕන උනේ....

ඇයි මේ පෝස්ට් එක එකපාරටම පැතිරිලා ගියේ?


මේක ටිකක් අමාරු උනා කිව්වොත් හරි..මොකද ගොඩාක් අය දාල තිබ්බට මේක ආපු තැනක් හොයාගන්න බැරි උනා...කොහොම කොහොම හරි හොයාගෙන යද්දි,මේකට පනතක් සම්බන්ධයි..
ඒ තමයි ජාතිවාදයට වැට බදින පනත,මේ පණත ගොඩක් කල් ඉදන් පාර්ලිමේන්තුවෙ තියෙන පනතක් හරියටම කිව්වොත් වාසුදේව මහත්තය භාෂා ඇමති කාලෙ ගෙනාපු පනතක් මේක..
විවිධ සංවිධාන දෙන විවිධ අර්ථකතන නිසා සහ ඒවගෙ මැදිහත්වීම එක්ක තමා මේක ඇරඹෙන්නෙ....
මම ඒක හරිද වැරදියි ද කියන්න යන්නෙ නැහැ..ඒක කියවන ඔයාල හොයල බලල තීරණය කරන්නෝන එකක්..........

විවේචකයන්ගෙ විවේචන සාධාරණද ? මොකක්ද මේ ෆොටෝ එකෙන් දෙන අදහස ?


මෙහි සිංහ යන්න වෙනමත්,ලේ යන්න වෙනමත් තිබීම නිසා පැහැදිලිවම ගම්‍ය වන අරුත නම් සිංහයාගේ ලේ යන්නයි...
නමුත්
මෙම ෆොටෝව දාන සමහරුම විවේචන වලට උත්තරයක් දීගත නොහැකි නිසා,
1.මෙය අතීත සිව්හෙළය පසුව සිංහලේ උන නිසා මෙයින් සුද්දා යටත් කරගැනීමට පෙර තිබූ නම නිරූපණය වේ යැයි පවසයි,
2.මෙය සිංහල ජාතියේ නම යන්නද , එය සිංහලේ යනුවෙන් නිරුපණය වේ යැයිද පවසයි...
ඉහත තර්ක දෙක මම කිසිම විටෙක පිළිනොගනිමි,
නැවතත් කියන්නේ මගේ මතය, මෙයින් සිංහයාගේ ලේ යන්න නිරූපණය කරන බවයි...අවසානයේ එසේ සිතන්නේ අයිද යන්න පැහැදිලි කරන්නෙමි...
...............
විවේචකයා මා මෙහි කියන අර්ථය කෙළින්ම හසුකරගෙන ඇත,එනම් මේ සිංහයාගේ ලේ යන අර්ථය දෙන බවයි...
එතැනින් පටන්ගෙන මොවුන් දැඩිව මෙය විවේචනය කරන්නේ..
" තාත්ත සිංහයෙක්ද "
" අම්මා කැලේට ගියාද ? සිංහයා ගෙදරට ආවාද "
වැනි කාරණා උලුප්පමනි,
නමුත් විවේචකයා හිතාමතාම අමතක කරණ කාරණාවක් ඇත,එනම් මෙහි සිංහයාගේ ලේ යන්න සංඛේතාත්මකව පමණක් යොදා ඇති බවය...

උදාහරණෙකට :- ක්‍රිකට් ටීම් එක කොල්ලොන්ට සිංහ පැටව් කිඅයව වගේ.
සැබෑවටම සිංහ ලේ නොව සිංහයාගෙන් නිරූපණය වන ඇතැම් ලක්ෂණ තමන්ටත්, ඇතිය යන්නයි..


මොනාද මේ ලක්ෂණ ?


ඉතාමත්ම සරලයි...ජාතික කොඩියේ සිංහයා මගින් නිරූපණය කෙරෙන ලක්ෂණ යි..එනම් සිංහ ලේ යනුවෙන් අදහස් කර ඇත්තේ 
සිංහල ජාතියේ ශක්තිය හා උදාරත්වය
*සිංහල ජනවර්ගය
 යන කාරණායි....

දැන් ඔබට මෙහි සැබෑ අර්ථය කුමක්දැයි වැටහෙනවා ඇත.
විවේචකයන් සිංහයාගේ ලේ අල්ලගනිමින් විවේචනය කිරීම ද බාල වැඩකි.

අවසානයේ කීමට ඇත්තේ අපි උදාර ජාතියකි එය අවිවාදිතය,නමුත් වර්තමානයේ අපේ ගැහැණුන් ලක්ෂ 8ක් වහල්කමට යවා උදාරත්වය ගැන පම්පෝරි ගැසීම සාධාරණද යන්න මා මගෙන් ම මෙන්ම ඔබෙන් ද ප්‍රශ්න කරමි.

...................................................

**සිහිතබා ගතයුතුයි : ඔබේ ජාතිකත්වය කිසිවෙකුට දේශපාලනය සදහා හැසිරවීමට ඉඩ ලබා නොදෙන්න..

මේ කම්මැලියා ලියූ දෙවැනි ලිපියයි...ඊළග ලිපියෙන් හමුවෙමු.

3 comments: