Wednesday, March 9, 2016

නේවාසිකාගාරයේ ගෙවුණු දවසක්


පාසලේ ඉන්න කාලෙ මගේ ගෙදර උනේ ඉතින් අපේ ස්කෝලෙ හොස්ටල් එක.හොස්ටල් එකේ හිටපු ගොඩක් දෙනෙක්ට අලුත් දෙයක් කරන්න හිතන්න හැකියාව තිබ්බා,මොකක් හරි හිතුනොත් ඒක කොහොම හරි කරනවා කියන මතේ අපි හැමෝම වගේ හිටියා....මේත් එහෙම කරපු වැඩක්,වැඩේ තමයි "රොටී කෑම" , "අපෝ රොටී කන එක මහ දෙයක්ද? " කියල මේක කියවන අයට හිතෙයි,ඒත් හොස්ටල් එකක හොරාට හොරාට රොටී හදන් කන එක මහ ලොකු වැඩක්ම තමා.හොරෙන් නැතිව හොස්ටල් කුස්සියෙන් රොටී හදන් කන එක කරන්න බැරි වැඩක් සහ හොරෙන් හදන් කන එක තරම් ඒක කික් එකක් නැති වැඩක්.

ඉතින් රොටී හදාගන්න ඕන අමුද්රව මොනාද බලමුකො,ඕන පිටි,පොල්,තෙල් පොඩ්ඩක්,ලුණු,ළුෑණු සහ වතුර.වතුර සපයගන්න විදිය ඕන නෑනෙ ,අනික් ටික සපයගත්තෙ මෙහෙමයි...
...
පිටි -මේක විතරක් කඩෙන් ගන්නෙ. ( හොරාට නෙමෙයි සල්ලි දීලා )

පොල් -මේක සපයගන්න විදිහ  ටිකක් දිගයි,..අපේ ස්කෝලෙ වත්ත ගොඩාක් ලොකුයි,පොල් ගස් එහෙම ඕන තරම්.හොරෙන් කැලේ ගිහින් පොල් කඩලා,උදැල්ලෙන් ලෙලි ගහල ගන්නේ( පොල් ගස් නගින්න ඉතාමත් වේගවත් සුවිශේෂී අය කීපදෙක් අපි අතරෙම හිටියා, අයව අපි හැදින්වූවේ "පයිලට්" ලා කියලා ) පොල් කඩන එක ගොඩක් හොරෙන් වෙන්නෙ,15 ක් විතර පේළියට ඉදලා වැටෙන පොල් ගෙඩිය ලෙලි ගහන තැනට වෙනකම් ,මාන පදුරු අස්සෙ හැංගිලා පාස් කරනවා,ගොඩක් සූක්ෂමයි,කතා කරන් නෑ හස්ත සංඥා විතරයි...රගර් ඇගේම වගේ තියෙන නිසා මිස් වෙන්නෙ නම් නෑම තමා ;) ...ඔහොම අදාල තැනට අරන් ගිහින් ලෙලි ගහල තමා සපය ගන්නෙ.

ළුෑණු,ලුණු,පොල් තෙල් - මේ තුන නම් කුස්සියෙන් හොරකම් කරන එක තමා කරන්නෙ.... ( අපේම සල්ලි නිසා හොරකමකුත් නෙමෙයි ඉතින් )

රොටී කබල - හොස්ටල් එක පල්ලෙහා තියෙන විකී අයියගෙ නිළනිවසින් ඉල්ලගන්නවා.( විකී යනු පාසලේ ලිපිකරු මහතා නොහොත් නිළ නොවන විදුහල්පති යි )

හරි,ඔන්න ඔහොමයි ගොඩක් අමාරුවෙන් අවශ් දේවල් හොයාගත්තෙ,ඊට පස්සෙ අපි නිදියන ඩෝම් එකට (ඩෝමැට්රියට ) ගල් තුනක් ගෙනත් ඩෝම් එක ඇතුලෙම ලිප හදල රොටී හදන එකයි කරේ,සර් ලගෙ ඇස නොගැටෙන ජනෙල් කීපයක් විතරයි අරින්නෙ දුම එළියට යන්න...තව ඩෝම් එක හතර වටේම ඔත්තුකරුවන් යොදවනවා හොස්ටල් එකක රොටී හදද්දි එකක් දෙකක් හදල බෑනෙ අඩුම 60ක් වත් හදන්න ඕන,මොකද කන්න බැරි මිනිස්සුනෙ ඉන්නෙ ;)

ඔහොම රොටී හැදුවට පස්සෙ ,රොටී කෑවෙ මොනව එක්කද කියල ඔයාලට හිතෙනව ඇති..
රොටී කෑවෙ "පොල් සම්බෝල" එක්ක, පොල් ඕනතරම් තිබ්බට රොටී වලටයි,සම්බෝලෙටයි පොල් ගාගන්න කුස්සියට යන්න වෙනවා,සර් නැති වෙලාවක් බලලා කුස්සියට ගිහින් නාකියව ( හොස්ටෙල් එකේ කෝකියා ) ශේප් කරන් තමා පොල් ටික ඉක්මන්ට ගා ගන්නෙ.

පොල් සම්බෝලෙට පොලුයි,ළුෑණුයි,උස්සපු දෙහියි මිරිසුයි දාල අතින්ම හොදට අනල ගත්තම ඒකත් හරී..ඊටපස්සෙ ඉතින් හොස්ටල් එකේ පිගන් 10ක් විතර ගෙනත් එක පිගානකට 3 ගානෙ වගේ සෙට් වෙලා රොටී ටික කාල ,පිගන් හෝදල වැඩේ ඉවර කරා....රහසිගතවම..

මේක ඉක්මන්ට වචන කරල ලිව්වට මේක කරන්න දවසක් විතර ගියා..පොල් කඩන්න පටන් ගන්නෙ උදේ රොටී කන්නෙ 6 7.


ඔන්න ඔහොමයි රොටී කෑවෙ.මේව ඉතින් සදා නොමකෙන මතකයන් ලියනවා නම් ඉතින්  ඕන තරම් මේ වගේ දේවල් ...කලාතුරකින් හොස්ටල් එකේ හිටපු අපි හම්බුනාම කතාකරන්න සුන්දර දේවල් තියෙන එක කොච්චර දෙයක්ද....

1 comment:

  1. Ah malayath blog liyanda set wela wage. Niyamai machan digatama liyapan. Jaya wewa!!

    ReplyDelete