Sunday, November 20, 2016

මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ - නිවසේ මියගිය තරුණයා ගැන විමල් කථා කරයි


මම කිසි දිනක කාටවත් මඩ ගසා නෑ.....
(වීඩියෝ සහිතයි )



පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේ තරුණයෙකු ඖෂධ අධිමාත්‍රාවක් ලබාගෙන මියයාමේ සිද්ධිය මේ වනවිට දේශපාලන ලෝකයේ රැව් පිළිරැව් දෙන සිදුවීමක් බවටද පත්ව ඇත. විමල් මේ නිසා උසුළු විසුළු වලටද භාජනය වී ඇත. ඔහු එම මරණය හා ඊට ලැබෙන ප්‍රතිචාර ගැන
මෙවර ඉරිදා ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් කියා ඇත්තේ තමාගේ පුතා උසස් පෙළ නිම කර යාළුවො ඇසුරු කරන්නට ගෙදරට ගෙන්වා ගත් නිසා මේ සිද්ධියට තමා පැටළුණ බවයි.
එම සිද්ධිය මුල් කරගෙන අවලාද නැගීම් කරන්නේ තමන්ගේ දේශපාලන වෛරක්කාරයන් බවත් එසේ කරන්නේ කිසිම දිනෙක 
කිසිම අයෙකුට මඩ ගසා නැති තමාට බවත් ඔහු කියා සිටියි. ඔහු ඒ ගැන පැවසූ හැටි මෙසේය.


වීරවංශ මහතා අදහස් දක්වන වීඩියෝව පහතින්



Monday, October 17, 2016

Breaking News නිළි කවීෂා මියයාමට සැබෑම හේතුව හෙළිවේ.




පසුගිය දිනක හදීසි රිය අතුරකට ලක්වූ නවක නිළි කවීෂා මිය යාමට හේතුව ,පොලීසිය විසින් මේ වනවිට සොයාගැනීමට සමත්වී ඇත.


මිය යාමට හේතුව ලෙස පොලීසිය සදහන් කරන්නේ,
ඇය ගමන් කල වාහනය අනතුරකට පත්වීමයි.



^මෙහෙම තමයි ලංකාවේ වෙබ් අඩවි හැසිරෙන්නෙ...
ඔබත් මේ ජඩ මාධ්‍ය කලාව ප්‍රතික්ෂේප කරන්න.


Thursday, September 8, 2016

වර්තමාන කොළඹ පාතාලය සහ දෙමටගොඩ චමින්ද



භාරත ලක්ෂ්මන් සිද්ධිය නිසා "දෙමටගොඩ චමින්ද" ටත් ඊයෙ  මහාධිකරණයෙන් මරණ දඩුවම තීන්දුව ලෙස ලැබුණි.ඒ තීන්දුවත් සමඟ "ලංකාවෙ කුඩු හා සම්බන්ධ පාතාලෙ ඉවරයි" කියා සමාජ ජාලා වල යන කතාවක් දුටු නිසයි මේ ලිපිය ලියන්න අදහස් කලේ.


දෙමටගොඩ චමින්ද


දීර්ඝ ලිපියක් ලියන්න අදහසක් නැතත් චමින්දගෙ ඉතිහාසය කොයි වගේ ද කිය විමසා බලමු.දෙමටගොඩ චමින්ද නමත් එක්කම මතුවෙන අනිත් නම තමා දෙමටගොඩ රුවන්,රුවන් කියන්නෙ චමින්දගෙ සහෝදරයා.මොවුන් මුළ සිටම ගංජා , හෙරොයින් විකුණපු පොළියට සල්ලි දීපු සල්ලිකාරයො.
පස්සෙ මේ චමින්ද "කරාටෙ ධම්මික" එක්ක සම්බන්ධ වෙනවා.(කරාටෙ ධම්මික යනුකඩුවෙල වසන්තව මරා පාතාල ඔටුන්න හිමිකරගත් කෙනා ) කරාටෙ ධම්මික ලා ගේද ප්‍රධාන ආදායම් මාර්ගය ඌයේ කුඩු ව්‍යාපාරය මය.
ධම්මිකලාට අමතරව කොළඹ කුඩු බෙදපු තවත් කෙනෙක් හිටියා ඒ තමයි "වනාතෙ ඔල්කට්" මේ ඔල්කට් ට හිටිය හොද ගෝලයො කීප දෙනෙක්. අපේ කණ් වලට හුරු "ආමි සම්පත්,බ්ලූමැන්ඩල් සංඛ" ඔල්කට්ගෙ ප්‍රධානම ගෝලයො දෙන්නා.කුරුණෑගලදි එස්.ටීඑෆ්. වෙඩි පහරින් ඔල්කට් මැරුණා.එතකොට ඒ තැනට එන්නෙ "බ්ලූමැන්ඩල් සංඛ".
ඔල්කට්,ඔල්කට් ට කලින් මාමස්මි,ෆාජි වගේ අය හැමෝම කලින් ආණ්ඩුව කාලෙ දඩයම් වෙන්වා.ගොඩක් අය කියන්න ගත්තා ඒ කාලෙ පාතාලය මර්ධනය උනා ය කියලා.ඇත්තටම උනේ දෙමටගොඩ චමින්දලාව ඉතුරුකරලා අනිත් කුඩු බිස්නස් කරපු හැමෝවම මර්ධනය කළ එක.කොහොම හරි මේ අතරෙදි තමයි භාරත ලක්ෂ්මන් ඝාතනය සිදුවන්නෙ,ඒකෙ තුන්වෙනි සැකකාරයා විදියට චමින්දට රිමාන්ඩ් වෙන්න සිදුවෙනවා,චමින්ද රිමාන්ඩ් උනාම ඒ වෙනුවට කුඩු බෙදන වැඩේ කරන්නෙ දෙමටගොඩ රුවන්,චමින්දත් රිමාන්ඩ් නිසා "සංඛ ලා" ගෙන් ගොඩක් ප්‍රශ්න රුවන්ට ඇතිවෙනවා.

මෙහෙම අවුරුදු දෙකක් ගිහින් 2013 දි චමින්දට ඇප ලැබෙනවා,ඇප ලැබුණ ගමන් චමින්ද කරේ සංඛලාගෙ පස්සෙ එලවන්න එක,මේකෙ උච්චතම සිද්ධිය 2013 අගෝස්තු මාසෙ වාර්තා උනා ඒ තමා "සංඛ,සම්පත්" ඇතුළු ඔවුන්ගෙ ගෝලයො වාහනයක ගමන් කරද්දි   දෙමටගොඩ රේල් ගේට්ටුව ළගදි ඒ වාහනයට වෙඩිතැබීම.
මෙතනදි වාහනේ රියදුරු සුජිත් මියයනවා. ( සුජිත් යනු කාලයක් දෙමටගොඩ රුවන්ගේ දකුණු අත මෙන් සිටි අයෙකි )
වාහනේ සිටි අනෙක් අයට දුම්‍රිය මාර්ගයෙන් ගොස් වනාතට පැන දිවි බේරාගැනීමට හැකිවිය.
දුමින්ද සිල්වා ගේ දේශපාලන බලය නිසා චමින්දලාට එකළ අසීමිති බලයක් තිබුණි,ඔවුන්ට එස්.ටී.එෆ් ප්‍රශ්න තිබුණේද නැත.
මේ සිද්ධියෙන්  පසුබෑ "ආමි සම්පත්,බ්ලූමැන්ඩල් සම්පත් සහ මාකිලංගමුවේ සංජීව" ඩුබායි රාජ්‍යට පැනගැනීමට සමත් විය.
එයින් පසු දෙමටගොඩ චමින්ද කොළඹ පාතාලයේ ඔටුන්න දරා සිටීමට සමත් විය.නමුත් ඔහුට මේ කිරුළ අවුරුදු දෙකක්වත් දරා සිටීමට නොහැකි විය. ආණ්ඩුව වෙනස් විය,දුමින්දලාගෙ දේශපාලන බලය අහිමි විය.

ඔල්කට්ලාගේ සිටම එජාප දේශපාලන සම්බන්ධකම් සංඛලා ට තිබුණි,
එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව වෙනස්වීමත් සමග ඔවුහු ඩුබායි සිට රහසේම ලංකාවට පැමිණියහ.මොවුන් ලංකාවේ සිටින බව මුලින්ම වාර්ථා උනේ "ජෝන් අමරතුංග" ගේ  සාදයකදීය.
2015 අගෝස්තු ජන්දයේදි මොවුන් එජාප ය වෙනුවෙන් ජන්ද ව්‍යාපාරයට එක්වුණ බවට තතු දන්නා අයට නොරහසකි.
අළු යට ගිණි නැවත පුපුරා යන්නෙ බ්ලූමැන්ඩල් හීදී පැවැත්වුණ එජාපයේ දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.බ්ලූමැන්ඩල් සංඛ හා සම්පත් විසින් මෙහෙයවූ එයට වෙඩි වරුසාවක් එල්ල උනේ ස්ත්‍රියකට හා තවත් තරුණයෙකුට මරු කැදවමිනි නමුත් සුපුරුදු ලෙස සංඛ හා සම්පත් නැවතත් දිවි ගලවා ගත්හ.මෙය දේශපාලන ප්‍රශ්නයක් ලෙස එජාපයෙන් උලුප්පා දැක්වූවත් සැබෑවටම මෙය කල්ලි දෙකක ගැටුමකි.
මෙහි පළිය චමින්දගෙන් ගැනීමට උවමනා වූවත් රිමාන්ඩ් බන්ධනාගාරයේදී ඔහුට ඕනෑවටත් වඩා ආරක්ෂාවක් තිබුණි.

චමින්දගේ ජීවිතයට මාන අල්ලමින් සිටි සංඛලා ට ඒ අවස්ථාව උදාවුනේ 2016 මාර්තු මස 02 දිනයේදීය ,භාරත නඩුවාරයක් අවසන් වී නැවත රැගෙන යමින් සිටි බන්ධනාගාර බසයට වෙඩිතැබුවේ එදින ය. ජනේලයේ දැල අස්සෙන් තුවක්කු බටය දමා චමින්දගේ ශරීරයට වෙඩි දෙකක්ම තැබූවත් ඔහුගේ දී තොර කිරීමට එයද ප්‍රමාණවත් නොවුණි.මේ සිද්ධියට සැකකකරුවෙකු ලෙස ආමි සම්පත් හා බ්ලූමැන්ඩල් සම්පත් ද අත්තඩංගුවට ගන්න ලඳි.


එජාප ප්‍රභලයන්ගේ රැකවරණය ලැබුණත් සංඛව හා සම්පත් ව අත්තඩංගුවට ගැනීම පොලීසිය ලඳ තරමක ජයග්‍රහණයකි. ( මෙය භාරත ඝාතනයට චමින්ද අත්තඩංගුවට ගැනීම හා සමාන දෙයක් මිසක් ඊට එහා ජයග්‍රහණයක් ද නැත )
දැන් චමින්දට මරණ දඩුවම ලැබී ඇත.තීන්දුව ඇසීමට පෙරද,ඇසීමෙන් පසුද චමින්ද සිනාසුනේ ඔහුගේ දිවි ආරක්ෂා කල සතුට වෙනුවෙන් විය යුතුය.
මන්ද ඔහු නිදහස් උනි නම් ඔහුගේ මරණ දඩුවම පැය 24ක් තුළ වුවද ක්‍රියාත්මක කිරීමට සංඛලා ගේ ගෝලයින් බලා සිටිනවා නො අනුමානය.

ලංකාවේ කුඩු ජාවාරම හා බැදුණ පාතලය චමින්ද සමග අවසන් වූයේ නැත.සිදුවුණේ චමින්ද ලා ලග තිබුණ කුඩු ජාවාරම සංඛලා අතට යාම පමණකි.
සංඛ ලා හිරේ සිටියත් ඔවුන්ට ඇති දේශපාලන හයියෙන් නම් අඩුවක් නැත,ඔවුන් ඇප ලබා නැවතත් පෙර පරිදි පිළිල වේවි.

ඉතින් සතුටු වන්න ඉක්මන් නොවන්න,
පාතාලය ඉවර නැත.

#පැටී
2016/09/08

Monday, August 22, 2016

"මම කැමතියි මේ භික්ෂූන් වහන්සේ ට "



Photo by - Darshana Wimukthi


මම මේ භික්ෂුව ගැන මොකුත්ම දන්නෙ නැතත්,
නිකන් හිතන්න පුළුවන් දේවල් කීපයක් නිසා තමයි කැමති...
ඒ තමා,

1.මේ භික්ෂුව පුංචි කාලෙ බලෙන් මහණ කරපු කෙනෙක් නෙමෙයි.
2.මේ භික්ෂුව කෙළිලොල් තරුණ කාලයක් ගත කරපු කෙනෙක් ( වැරදි වෙන්නත් පුළුවන් )

*ඒවා එහෙම නම් මේ භික්ෂුව අවබෝධයෙන් මහණ උන කෙනෙක්.

3.මේ භික්ෂුව ලංකාවෙ නම් අනිවාර්යෙන්ම "හොදින් අපහාස උපහාස විඳ දරාගන්න පුළුවන් කමක් තියෙන භික්ෂුවක්" (මහණ දම් පුරද්දි අපේ සාමාන්‍ය සමාජයට පච්චය බලපාන විදිය ගැන හිතලා කීවෙ )



Wednesday, August 17, 2016

කණට මිහිරි කතා දෙකක්


හුග කාලෙකින් තමා ලියන්නෙ,මේ දවස්වල ඇහෙන "පාරම්පරික මිනිස්සු ජාතියකගේ" ඇඩියාව නිසා ඇතිවෙච්ච ප්‍රීතිය වැඩිකමට තමා මේක ලියන්න හිතුනෙ.
මෙහෙමයි කතාව ,
සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපේ කණ් වලට් කාලෙකින් මිහිරි කතන්දර දෙකක් ඇහෙනවා. 
මේ "කතා දෙක" මට වගේම සමාජජාලා එක්ක ගණුදෙනු කරන  අනිත් අයටත් ලංකාවෙ ජීවත් වෙන ඕනම කෙනෙක්ට ත් ඇහෙන "කතා දෙකක්".
මේ කියන "කතා දෙක" මොකක්ද?
ඒ තමයි,

1) "මේ ආණ්ඩුව පිහිටුවලා ‪#‎පාරම්පරික_එජාප_පාක්ෂිකයට‬ වෙච්ච කිසි වාසියක් නැහැ.වෙනදා දින්නාම සතුටු වෙන එජාප පාක්ෂිකයට ඒ සතුට මේ පාර නෑ,අවුරුදු ගාණක් විපක්ෂෙ ඉදල කටු කාපු එජාප පාක්ෂිකයට සළකනවා මදි" .

2) "ශ්‍රිලනිප ජනාධිපති කෙනෙක් ඉදලත් පාරම්පරික ශ්‍රීලංකා කාරයෝ යූඑන්පී යට පාවල දුන්නා,ශ්‍රීලංකා කාරයොන්ට මොනවද කරේ? කිසිම දෙයක් කරේ නෑ. "

........
^ පක්ෂ වලට ගැති වී සිටින්නන් ජන්දය පාවිච්චි කරන්නේ, තමන් සහයෝගය දැක්වූ පක්ෂය බලයට පත්වූ පසු තමන්ට විශේෂයෙන් සළකයි කියාය....මෙය ලාංකිකයන් පුරුදු වී ඇති ඉතාමත් නරක දෙයකි.
 ‪#‎පාරම්පරික_පාක්ෂිකයන්‬ යන වචනයේ තේරුම ම අපුල දනවන්නකි,
එනම් එහි සරල අදහස 
"තම පක්ෂයෙන් බලයට පත්වෙන්නන් කෙසේ හැසිරුණද, තමා වටිනා චන්දය මැරෙනකම් ම දෙන්නේ ඔවුන්ට ම" බව ය.

මෙසේ පාරම්පරික චන්ද දායකයන් සිටීම පක්ෂයකට හොදය,නමුත් ලංකාවෙ මිනිසුන්ට නරක ය.
ඉතින් මේ ආණ්ඩුවෙන් ඔවුන්ගේ පාරම්පරික කම බලා සැලකුම් නොකරන්නේ නම් එය පක්ෂ වල පැවැත්මට අයහපත් දෙයක් වූවත් පොදු මිනිසුන්ට සතුටු විය හැකි කාරණාවකි.





ප.ලි- 

1)මෙය ලංකාවේ සාමාන්‍ය මිනිසා චන්දය දෙන ආකාරය ගැන ලියා ඇති අතර, "සමාජවාදය/ධනවාදය" වැනි මොඩලයන් ගැන සිතා ජන්දය දෙන අයවලුන් ගැන අදහසක් දක්වා නැත. ( ලංකාවෙ එහෙම ඒවා හරියට නැති නිසා ) .

2) "පාරම්පරික පාක්ෂිකයා" මෙසේ කෙදිරි ගෑවත්,"පාක්ෂිකන්ට" විශේෂයෙන් සැළකීම සාපේක්ෂව අඩු වූවත්,ඇමතිලා ලගින්ම සිටින අයවලුන්ට හිතුමතේ තනතුරු ප්‍රධානය කිරීමේ වැරැද්ද මේ ආණ්ඩුවෙන් ද අපුලකින් තොරව සිදුකර ඇත . ( කිරිඇල්ලගේ පත්වීම් ) .

3) ඔබත් පක්ෂයකට චන්දය දෙන්නේ, ඔබට විශේෂ "පෞද්ගලික වරප්‍රසාද" ලබාගැනීමේ අදහසින් නම්....ඔබ වැනි අය වඳවෙන තුරු මේ රට කිසිදිනක මේ තත්වයෙන් ඉහළට නොයනු ඇත.

Wednesday, March 9, 2016

නේවාසිකාගාරයේ ගෙවුණු දවසක්


පාසලේ ඉන්න කාලෙ මගේ ගෙදර උනේ ඉතින් අපේ ස්කෝලෙ හොස්ටල් එක.හොස්ටල් එකේ හිටපු ගොඩක් දෙනෙක්ට අලුත් දෙයක් කරන්න හිතන්න හැකියාව තිබ්බා,මොකක් හරි හිතුනොත් ඒක කොහොම හරි කරනවා කියන මතේ අපි හැමෝම වගේ හිටියා....මේත් එහෙම කරපු වැඩක්,වැඩේ තමයි "රොටී කෑම" , "අපෝ රොටී කන එක මහ දෙයක්ද? " කියල මේක කියවන අයට හිතෙයි,ඒත් හොස්ටල් එකක හොරාට හොරාට රොටී හදන් කන එක මහ ලොකු වැඩක්ම තමා.හොරෙන් නැතිව හොස්ටල් කුස්සියෙන් රොටී හදන් කන එක කරන්න බැරි වැඩක් සහ හොරෙන් හදන් කන එක තරම් ඒක කික් එකක් නැති වැඩක්.

ඉතින් රොටී හදාගන්න ඕන අමුද්රව මොනාද බලමුකො,ඕන පිටි,පොල්,තෙල් පොඩ්ඩක්,ලුණු,ළුෑණු සහ වතුර.වතුර සපයගන්න විදිය ඕන නෑනෙ ,අනික් ටික සපයගත්තෙ මෙහෙමයි...
...
පිටි -මේක විතරක් කඩෙන් ගන්නෙ. ( හොරාට නෙමෙයි සල්ලි දීලා )

පොල් -මේක සපයගන්න විදිහ  ටිකක් දිගයි,..අපේ ස්කෝලෙ වත්ත ගොඩාක් ලොකුයි,පොල් ගස් එහෙම ඕන තරම්.හොරෙන් කැලේ ගිහින් පොල් කඩලා,උදැල්ලෙන් ලෙලි ගහල ගන්නේ( පොල් ගස් නගින්න ඉතාමත් වේගවත් සුවිශේෂී අය කීපදෙක් අපි අතරෙම හිටියා, අයව අපි හැදින්වූවේ "පයිලට්" ලා කියලා ) පොල් කඩන එක ගොඩක් හොරෙන් වෙන්නෙ,15 ක් විතර පේළියට ඉදලා වැටෙන පොල් ගෙඩිය ලෙලි ගහන තැනට වෙනකම් ,මාන පදුරු අස්සෙ හැංගිලා පාස් කරනවා,ගොඩක් සූක්ෂමයි,කතා කරන් නෑ හස්ත සංඥා විතරයි...රගර් ඇගේම වගේ තියෙන නිසා මිස් වෙන්නෙ නම් නෑම තමා ;) ...ඔහොම අදාල තැනට අරන් ගිහින් ලෙලි ගහල තමා සපය ගන්නෙ.

ළුෑණු,ලුණු,පොල් තෙල් - මේ තුන නම් කුස්සියෙන් හොරකම් කරන එක තමා කරන්නෙ.... ( අපේම සල්ලි නිසා හොරකමකුත් නෙමෙයි ඉතින් )

රොටී කබල - හොස්ටල් එක පල්ලෙහා තියෙන විකී අයියගෙ නිළනිවසින් ඉල්ලගන්නවා.( විකී යනු පාසලේ ලිපිකරු මහතා නොහොත් නිළ නොවන විදුහල්පති යි )

හරි,ඔන්න ඔහොමයි ගොඩක් අමාරුවෙන් අවශ් දේවල් හොයාගත්තෙ,ඊට පස්සෙ අපි නිදියන ඩෝම් එකට (ඩෝමැට්රියට ) ගල් තුනක් ගෙනත් ඩෝම් එක ඇතුලෙම ලිප හදල රොටී හදන එකයි කරේ,සර් ලගෙ ඇස නොගැටෙන ජනෙල් කීපයක් විතරයි අරින්නෙ දුම එළියට යන්න...තව ඩෝම් එක හතර වටේම ඔත්තුකරුවන් යොදවනවා හොස්ටල් එකක රොටී හදද්දි එකක් දෙකක් හදල බෑනෙ අඩුම 60ක් වත් හදන්න ඕන,මොකද කන්න බැරි මිනිස්සුනෙ ඉන්නෙ ;)

ඔහොම රොටී හැදුවට පස්සෙ ,රොටී කෑවෙ මොනව එක්කද කියල ඔයාලට හිතෙනව ඇති..
රොටී කෑවෙ "පොල් සම්බෝල" එක්ක, පොල් ඕනතරම් තිබ්බට රොටී වලටයි,සම්බෝලෙටයි පොල් ගාගන්න කුස්සියට යන්න වෙනවා,සර් නැති වෙලාවක් බලලා කුස්සියට ගිහින් නාකියව ( හොස්ටෙල් එකේ කෝකියා ) ශේප් කරන් තමා පොල් ටික ඉක්මන්ට ගා ගන්නෙ.

පොල් සම්බෝලෙට පොලුයි,ළුෑණුයි,උස්සපු දෙහියි මිරිසුයි දාල අතින්ම හොදට අනල ගත්තම ඒකත් හරී..ඊටපස්සෙ ඉතින් හොස්ටල් එකේ පිගන් 10ක් විතර ගෙනත් එක පිගානකට 3 ගානෙ වගේ සෙට් වෙලා රොටී ටික කාල ,පිගන් හෝදල වැඩේ ඉවර කරා....රහසිගතවම..

මේක ඉක්මන්ට වචන කරල ලිව්වට මේක කරන්න දවසක් විතර ගියා..පොල් කඩන්න පටන් ගන්නෙ උදේ රොටී කන්නෙ 6 7.


ඔන්න ඔහොමයි රොටී කෑවෙ.මේව ඉතින් සදා නොමකෙන මතකයන් ලියනවා නම් ඉතින්  ඕන තරම් මේ වගේ දේවල් ...කලාතුරකින් හොස්ටල් එකේ හිටපු අපි හම්බුනාම කතාකරන්න සුන්දර දේවල් තියෙන එක කොච්චර දෙයක්ද....